විෂාදය

මානසික අවපීඩන තත්වයට නිශ්චිත තනි හේතු සාධකයක් නොමැත. එය විවිධ පරාසයක හේතූන් නිසා සිදුවිය හැකි අතර එයට විවිධාකාර උත්පාදක කාරණාද තිබිය හැකිය. වියෝදුක, විවාහ බිඳවැටීම්, රෝග පීඩා තත්ව, අතිරික්ත සේවකයෙකු ලෙස සේවයෙන් ඉවත් කිරීම්, රැකියා හෝ මුදල් කරදර වැනි සිත් පීඩාවන් ඇති කරවන සුලු ජීවිත අවස්ථාවන් සමහර පුද්ගලයන්ට මානසික අවපීඩන තත්ව ඇති වීමට හේතු විය හැකිය. බොහෝ අවස්ථාවලදී විවිධ හේතූන් කිහිපයක් එක්ව මානසික අවපීඩන තත්වයක් ඇතිකල හැකිය. උදාහරණයක් ලෙස, ඔබට වැලඳුනු යම් අසනීප තත්වයක් හේතුවෙන් ඔබට යම් කලකිරීම් සහගත තත්වයක් ඇතිවූයේ යයි සිතමු. ඒත් සමගම වියෝවක් වැනි පීඩාකාරී සිදුවීමකට මුහුණ දීමට ඔබට සිදු වුවහොත් ඔබ මානසික අවපීඩන තත්වයකට පත් විය හැකිය. ජීවිතයේ කඩා වැටීම් සිදුවන අවස්ථාවන් මානසික අවපීඩන තත්වයන් ඇති වීමට හේතු වන බව බහුතර ජනයාගේ මතයයි. උදාහරණයක් ලෙස, ඔබගේ ආදර සම්බන්ධතාවයක් බිඳී ගිය අවස්ථාවක් ගැන සිතන්න. ඉන් ඔබට සිත් තැවුල් තත්වයක් ඇතිවනු ඇත. ඔබ ඔබගේ මිතුරන් පවුලේ උදවිය මුණගැසීමෙන් වැලකීමට සහ මද්‍යසාර භාවිතයට යොමු වීමට ඉඩකඩක් ඇත. එමගින් ඔබගේ තත්වය තවත් නරක අතට හැරී ඔබට මානසික අවපීඩන තත්වයක් ඇතිවිය හැකිය. වයස්ගත වීමත් සමග සහ අසීරු සමාජ සහ ආර්ථික පසුබිම් වල ජීවත් වීම මගින් පුද්ගලයන් මානසික අවපීඩන තත්වයන්ට මුහුණපෑමට ඇති සම්භාවිතාව වැඩිවන බව සමහර අධ්‍යනයන් මගින් සොයා ගෙන ඇත. පුද්ගලයෙකුට මානසික අවපීඩන තත්වයක් ඇතිකල හැකි තත්ව සමහරක් පහත විස්තර කර ඇත.

පීඩාකාරී අවස්ථාවන්

වියෝ වේදනා හෝ සබඳතා බිඳවැටීම් වැනි මානසික පීඩා ගෙනදෙන අවස්ථාවන් වලට හැඩගැසීම සඳහා බොහෝ දෙනාට යම් කාලයක් ගතවේ. එවන් පීඩාකාරී අවස්ථාවන් හමුවේ, ඔබ ඔබේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන් මුණගැසීම නවත්වා ඔබේ ගැටලු තනිව නිරාකරණය කර ගැනීමට උත්සාහ දරන්නේ නම්, ඔබ මානසික අවපීඩන තත්වයකට පත් වීමට ඇති අවස්ථාව ඉහල යයි.

පෞරුෂත්වය

අඩු ආත්ම අභිමානය හෝ ඕනෑවට වඩා ස්වයං විවේචනාත්මක වීම වැනි යම් යම් පෞරුෂ ගති ලක්ෂණ ඇත්නම් ,ඔබට මානසික අවපීඩනය ඇති වීමට වඩා වැඩි අවදානමක් ඇති විය හැක. මෙය ඔබට දෙමාපියන්ගගෙන් උරුම වූ ජානමය තත්වයක් හේතුවෙන් හෝ ඔබගේ අතීත ජීවිත සිදුවීමක් නිසා හෝ මේ කාරණා දෙකම නිසා හෝ සිදුවිය හැකිය.

පවුල් ඉතිහාසය

ඔබගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් ආදී ඔබගේ පවුලේ අයෙකුට මානසික අවපීඩන තත්වයක් ඇතිවූ ඉතිහාසයක් තිබේ නම්, ඔබටද එවන් තත්වයක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතී.

දරු උපත්

සමහර කාන්තාවන්ට විශේෂයෙන්ම දරු උපතකට පසුව මානසික අවපීඩන තත්වයකට පත්වීමට වැඩි ඉඩකඩක් ඇත. හෝමෝනමය සහ කායික වෙනස්වීම් සේම, නව ජීවිතය සම්බන්ධයෙන් ඇතිවන වගකීම් සහගත සිතුවිලි හේතුවෙන් මානසික අවපීඩන තත්වයක් ඇතිවිය හැකිය.

තනිකම දැනීම

ඔබගේ පවුලෙන් සහ හිත මිතුරන්ගෙන් වෙන්වීමට සිදුවීමෙන් ඔබට මානසික අවපීඩන තත්වයක් ඇතිවීමට ඇති අවස්ථාව ඉහල යයි.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය

ජීවිතයේ අසීරු අවස්ථාවන් ඇතිවූ විට එම අවස්ථාවන් වලට මුහුණ දීම සඳහා අධිකව මත්පැන් පානයට සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇතැම් පුද්ගලයන් නැඹුරු වේ. මෙය මානසික අවපීඩන තත්වය තව තවත් නරක අතට හැරීමට හේතු වනු ඇත. ගංජා ( cannabis) ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙන් ඔබට සහනයක් ගෙනදෙනු ඇත. නමුත් ගංජා භාවිතය මගින්ද විශේෂයෙන් යෞවන වියේ පසුවන්නන්ට මානසික අවපීඩන තත්ව ඇතිකරවිය හැකි බවට සාක්ෂි ඇත. මත්පැන් පානය කිරීමෙන් ඔබගේ වේදනාවන් යටපත් කිරීමට උත්සාහ කිරීම අනුමත කල නොහැකිය. මත්පැන් යනු මානසික අවපීඩන තත්ව තවත් නරක අතට හැරවිය හැකි ප්‍රබල මානසික අවපීඩන කාරකයක් ලෙස වර්ග කර ඇත.

රෝගී තත්ව

කිරීටක හෘද රෝග, පිලිකා වැනි ජීවිත අවදානමක් සහිත හෝ දිගු කාලීන රෝගී තත්වයකින් ඔබ පීඩා විඳිනවානම්, ඔබට මානසික අවපීඩන තත්වයක් ඇතිවීමට වැඩි අවදානමක් පවතී. හිසට ඇතිවන අනතුරු මගින්ද මානසික අවපීඩන තත්ව ඇතිකල හැකි බව හඳුනාගෙන ඇත. හිසට සිදුවන දැඩි අනතුරු මගින් පුද්ගලයෙකුගේ ගති ස්වභාවයේ වෙනස්වීම් සහ මානසික ගැටලු ඇති කල හැකිය. සමහර පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලු නිසා තයිරොයිඩ හෝර්මෝන ස්‍රාවය අඩු මට්ටමක පවතී. සමහර දුර්ලභ අවස්ථා වලදී, හිසට ඇතිවූ සුලු අනතුරකින් ඔබගේ පිටියුටරි ග්‍රන්ථියට හානි සිදුවිය හැකිය. පිටියුටරි ග්‍රන්ථිය යනු ඔබගේ මොලයේ පාදම පෙදෙසේ පවතින කඩල ඇටයක තරමේ ග්‍රන්ථියකි. පිටියුටරි ග්‍රන්ථිය මගින් තයිරොයිඩ උත්තේජක හෝමෝනය ස්‍රාවය කරනු ලබයි. මෙමගින් අධික වෙහෙස, ලිංගික බෙලහීනතාව වැනි රෝගී ලක්ෂණ ගණනාවක් ඇති විය හැකි අතර එය පුද්ගලයෙකුට මානසික අවපීඩන තත්වයක් ඇති කල හැකිය.